Ultimate magazine theme for WordPress.

SL v ZIM : වෙනස්කම් රැසක් සමග ශ්‍රී ලංකා විස්සයි 20 සංචිතය ප්‍රකාශයට පත් කෙරේ

සිම්බාබ්වේ තරග සංචාරය යටතේ පැවැත්වීමට නියමිත විස්සයි 20 තරගාවලිය සදහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය නිවේදනය කර තිබෙනවා.

චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 17 දෙනෙකු ඇතුළත්.

නුවනිදු ප්‍රනාන්දු, කමිල් මිෂාර, විශේන් හැලඹගේ, දුෂාන් හේමන්ත හා දුෂ්මන්ත චමීර සංචිතයට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

දිනේෂ් චන්දිමාල්, අවිශ්ක ප්‍රනාන්දු, ජෙෆ්රි වැන්ඩර්සේ හා ඒෂාන් මාලිංග සංචිතයෙන් ඉවත් කර තිබෙනවා. ආබාධයකට ලක් වූ වනිදු හසරංග ද සංචිතයට නම් කර නැහැ.

මෙම සංචාරයේදී දෙරට අතර එක්දින තරග 2 ක් හා විස්සයි 20 තරග 3ක් පැවැත්වීමට නියමිතයි. එක්දින තරගාවලිය හෙට (අගෝස්තු 29) ආරම්භ වීමට නියමිත අතර,  විස්සයි 20 තරගාවලිය සැප්තැම්බර් 3 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

විස්සයි 20 තරගාවලිය සැප්තැම්බර් 7 වැනිදා අවසන් වීමට නියමිතයි. ආසියානු කුසලාන තරගාවලිය ආරම්භ වීමට නියමිතව ඇත්තේ ඉන් දින දෙකකට පසුව, එනම් සැප්තැම්බර් 9 වැනිදායි.

කෙසේ වෙතත්, ආසියානු කුසලානය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරගය පැවැත්වෙන්නේ සැප්තැම්බර් 13 වැනිදායි.

The Squad
1) Charith Asalanka – Captain
2) Pathum Nissanka
3) Kusal Mendis
4) Kusal Perera
5) Nuwanidu Fernando
6) Kamindu Mendis
7) Kamil Mishara
8) Vishen Halambage
9) Dasun Shanaka
10) Dunith Wellalage
11)Chamika Karunaratne
12) Maheesh Theekshana
13) Dushan Hemantha
14) Dushmantha Chameera
15)Binura Fernando
16) Nuwan Thushara
17) Matheesha Pathirana