Ultimate magazine theme for WordPress.

දැඩි විරෝධයක් ආ ෆකාර්ගේ දැවී යාම ; රුචිරගේ තීරණය වැරැදිද?

මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ දෙවැනි තරගය අද රාත්‍රියේදී ඉන්දියාව හා පාකිස්තානය අතර ආරම්භ වුණා.

ඩුබායිහීදී ආරම්භ වූ තරගයේදී කාසියේ වාසිය දිනූ ඉන්දියාව පළමුව පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි පාකිස්තාන ආරම්භක පිතිකරුවන් පළමු කඩුල්ලට පන්දුවාර 2.3 ක් තුළ ලකුණු 21 ක් එක් කළ අතර, ෆකාර් සමාන් ලකුණු 15 කට දැවී යාමත් සමගයි එම සම්බන්ධතාවය බිද වැටුණේ.

හර්ඩික් පාන්ඩ්යා යොමු කළ පන්දුවකට කඩුලු රකින ක්‍රීඩක සංජු සැම්සන් අතට උඩ පන්දුවක් ලබා දීමෙන් සමාන් දැවී ගියා.

කෙසේ වෙතත්, තෙවන විනිසුරු රුචිර පල්ලියගුරුගේ විසින් එම උඩ පන්දුව නීත්‍යානුකූල උඩ පන්දු රැක ගැනීමක් ලෙස ප්‍රකාශ කිරීම මේ වන විට බොහෝ දෙනෙකුගේ දැඩි විවේචනයට ලක්ව ඇති බවක් දක්නට ලැබෙනවා.

දර්ශන කිහිපයක් පහතින් –