ඉමාඩ් වසීම් හා මොහමඩ් අමීර් ජාත්‍යන්තර පිටියට යළිත් සමු දෙයි

පාකිස්තාන තුන් ඉරියව් ක්‍රීඩක ඉමාඩ් වසීම් හා වේග පන්දු යවන ක්‍රීඩක මොහමඩ් අමීර් යළිත් වරක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.
මීට පෙර ද ඔවුන් දෙදෙනා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දී තිබූ නමුත්, ජූනි මාසයේ පැවැති පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමේ අරමුණින් එම තීරණය වෙනස් කරමින් යළි ජාත්‍යන්තර පිටියට පිවිසුණා.
මෙම ක්‍රීඩකයින් දෙදෙනාම විස්සයි 20 ලෝක කුසලාන තරගාවලිය සදහා ක්‍රීඩා කළ අතර, ජූනි 16 වැනිදා අයර්ලන්තයට එරෙහිව පැවැති තරගය ඔවුන් ක්‍රීඩා කළ අවසන් තරගයයි.
To all fans & supporters:
After much thought and reflection, I have decided to retire from international cricket. Representing Pakistan on the world stage has been the greatest honor of my life, and every moment wearing the green jersey has been unforgettable.Your unwavering…
— Imad Wasim (@simadwasim) December 13, 2024
Announcement of my retirement from international cricket 🏏. pic.twitter.com/CsPfOTGY6O
— Mohammad Amir (@iamamirofficial) December 14, 2024