ශ්‍රී ලංකාව පරදා තරගාවලියේ ජය නවසීලන්තයට
Match Report

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමග පැවැති තරග 3 කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 2-0 ක් ලෙස ජය ගැනීමට නවසීලන්ත කාන්තා කණ්ඩායම අද(9) සමත් වුණා.
ඒ, දෙරට අතර පැවැති තෙවැනි හා අවසන් එක්දින තරගයෙන් නවසීලන්තය ලකුණු 98 ක ජයක් වාර්තා කරමින්.
නෙල්සන්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය කඩුලු 6 ක් දැවී ලකුණු 280 ක් ලබා ගත්තා.
Georgia Plimmer ලකුණු 112 ක් හා Suzie Bates ලකුණු 53 ක් රැස් කළා. පන්දු යැවීමේදී සුගන්දිකා කුමාරි ලකුණු 70 කට කඩුලු 3 ක් දවා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාවට පන්දුවාර 50 අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 182 ක් පමණයි.
කවීෂා දිල්හාරි හා නිලක්ෂිකා සිල්වා ලකුණු 45 බැගින් රැස් කළා. පන්දු යැවීමේදී Jess Kerr හා Fran Jonas කඩුලු 3 බැගින් බිද හෙලුවා.
දෙරට අතර පැවැති පළමු එක්දින තරගය වර්ෂාව හේතුවෙන් ප්‍රතිපලයකින් තොරව නිමා වූ අතර, දෙවැනි තරගයෙන් නවසීලන්තය ලකුණු 78 ක ජයක් වාර්තා කළා.