Ultimate magazine theme for WordPress.

ආසියානු කුසලානයේ ඇදහිය නොහැකි වෙළද දැන්වීම් මිල ගණන් මෙන්න

ආසියානු කුසලාන පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය සැප්තැම්බර් 9 වැනිදා ආරම්භ වීමට මේ වන විට සියලු කටයුතු සූදානම් වෙමින් පවතිනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වෙන තරගාවලියේ පළමු තරගය පැවැත්වෙන්නේ හොංකොං කණ්ඩායම හා ඇෆ්ඝනිස්තානය අතරයි.

බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් ඉන්දු-පාකිස්තාන තරගය සැප්තැම්බර් 14 වැනිදා ඩුබායිහීදී පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ නිල රූපවාහිනී විකාශන අයිතිය මෙවර හිමිව ඇත්තේ Sony TV මාධ්‍ය ජාලයටයි.

තරගාවලියට කෙමෙන් කෙමෙන් දින ළගා වෙමින් පවතින පසුබිමක තරගාවලියේ රූපවාහිනී විකාශය අතරතුර පල කෙරෙන වෙළද දැන්වීම් සදහා නියම කර ඇති වටිනාකම් පිළිබද තොරතුරු මේ වන විට ප්‍රසිද්ධියට පත්ව තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව ආසියානු කුසලානය යටතේ ඉන්දියාව ක්‍රීඩා කරන තරගවලදී තත්පර 10 කින් යුත් වෙළද දැන්වීමක් එක් වරක් විකාශය කර ගැනීම සදහා මෙවර ගෙවීමට සිදු වන මුදල ඉන්දීය රුපියල් (INR) ලක්ෂ 16 ක් පමණ වනවා. ශ්‍රී ලංකා මුදලින් එහි වටිනාකම රුපියල් ලක්ෂ 55 ක පමණ අගයක්.

සම්පූර්ණ වෙළද දැන්වීම් මිල ගණන පහතින්  –

Ad packages on TV

  • Co-presenting sponsorship: Rs 18 crore (INR) (ශ්‍රී ලංකා රුපියල් කෝටි 62)
  • Associate sponsorship: Rs 13 crore (INR) ( ශ්‍රී ලංකා රුපියල් කෝටි 44)
  • Spot-buy package (all India and non-India games): Rs 16 lakh (INR) per 10 seconds, or Rs 4.48 crore (INR)

Digital deals on Sony LIV

  • Co-presenting and highlights partner: Rs 30 crore each
  • Co-powered-by package: Rs 18 crore

30% of all digital ads are reserved for India matches

Ad rates by format (CPM)

Pre-rolls: Rs 275 per 10 seconds (Rs 500 for India games; Rs 750 for India-Pakistan)

Mid-rolls: Rs 225 (Rs 400 for India games; Rs 600 for India-Pakistan)

Connected TV ads: Rs 450 (Rs 800 for India games; Rs 1,200 for India-Pakistan)