Ultimate magazine theme for WordPress.

Watch : බොක්සිං දින ටෙස්ට් තරගයේ පළමු දිනයේදී දැවී ගිය කඩුලු 20 මෙන්න

අළුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගයේ පළමු දිනය වූ අද දිනයේදී කඩුලු 20 ක් බිද වැටුණා. ඒ, මෙම තරගය ද අඩු දින ගණනකදී අවසන් වීමේ පෙරනිමිති පෙන්නුම් කරමින්.

මෙල්බර්න්හීදී බොක්සිං දින තරගයක් ලෙස ආරම්භ වූ තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව සියලු දෙනා දැවී ලකුණු 152 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තයට ලබා ගත හැකි වූයේ ලකුණු 110 ක් පමණයි.

දිනය නිමා වන විට ඔස්ට්‍රේලියාව සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු කිසිවක් නොදැවී ලකුණු 4 ක් ලබා සිටියා. ඒ අනුව ඔවුන් මේ වන විට ලකුණු 46 ක් ඉදිරියෙන් පසුවනවා.

දැවී ගිය කඩුලු විස්සේ දර්ශන පහතින් –