Ultimate magazine theme for WordPress.

Watch : සුනිල් නරේන් වාර්තා කළ සුපිරි ශතකය මෙන්න

සිය විස්සයි 20 ක්‍රිකට් දිවියේ පළමු ශතකය වාර්තා කිරීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ ආරම්භක පිතිකරු සුනිල් නරේන් අද(16) සමත් වුණා.

ඒ, මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 31 වැනි තරගයේ දී රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට එරෙහිවයි.

කොල්කටාහි ඊඩ්න් ගාර්ඩ්න්ස් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වූ තරගයේ පළමුව පන්දුවට පහරදුන් නයිට් රයිඩර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු හයක් දැවී ලකුණු 223 ක් ලබා ගත්තා.

සුනිල් නරේන් පන්දු 56 කින් රැස් කළ ලකුණු සංඛ්‍යාව 109 ක්. හයේ පහර හයක් හා හතරේ පහර 13 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

ඔහු දැවී ගියේ ට්‍රෙන්ට් බෝල්ට් යොමු කළ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන්. දැවී යාමෙන් පසුව බෝල්ට් විසින් සුනිල් නරේන්ගේ විශිෂ්ඨ ඉනිම ඇගයීමට කටයුතු කිරීම කැපී පෙනුණා.

සුනිල් නරේන් දැවී ගිය අයුරු හා ඔහුගේ ශතකය ඇතුළත් වීඩියෝ පහතින් නරඹන්න –

Leave a comment