ස්ටෝක්ස්ගේ දුර්ලභ හා විශ්මිත උත්සාහයට විචාරකයන්ගෙනුත් පැසසුම්

එංගලන්ත කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තීරණාත්මක දෙවන තරගය පසුගියදා අවසන් වුණේ ලකුණු 113 ක විශිෂ්ඨ ජයක් එංගලන්තට හිමි කර දෙමින්.
තරගය පුරාම තුන් ඉරියව්වෙන් දක්ෂතා දැක්වූ බෙන් ස්ටෝක්ස් තරගයේ වීරයා සම්මානය දිනා ගත් අතර ඔහු පිත්තෙන් ලකුණු 254 ක් හා පන්දුවෙන් කඩුලු 3 ක් බිඳ හෙලීමට සමත්වුණා.
එම දක්ෂතා අතරතුර තරගයේ පස්වන දිනයේ සිදුවූ විරල සිදුවීමක් පිළිබද මේ වන විටත් බොහෝ පාර්ශවවල වැඩි කතා බහක් ඇතිව තිබෙනවා.
බෙන් ස්ටෝක්ස් විසින් එංගලන්ත දෙවන ඉනිමේ 43 වන පන්දුවාරය ආරම්භ කරමින් කොදෙව් පිතිකරු ජර්මෙයින් බ්ලැක්වුඩ් වෙත පන්දුවක් යොමු කරනවා.
එම පන්දුව මිඩ්-ඕෆ් කලාපයට යොමු කරමින් පහරක් එල්ල කිරීමට ජර්මෙයින් බ්ලැක්වුඩ් සමත් වුණා.
කෙසේ වෙතත්, මිඩ්-ඕෆ් හෝ ලෝන්ග් ඕෆ් කලාපයේ පන්දු රකින්නෙකු එම අවස්ථාවේ ස්ථානගත කර තිබුණේ නැහැ.
ඒ බව එක් ක්ෂණයකින් වටහා ගත් බෙන් ස්ටෝක්ස් පන්දුව යැවීමෙන් අනතුරුව ආපසු හැරී පන්දුව නැවතීම සදහා වේගයෙන් දිව යාම කාගේත් දැඩි අවධානයට යොමු වුණා.
පන්දුව වේගයෙන් හතරේ සීමාව දෙසට ඇදී ගියත් ස්ටෝක්ස් සිය උත්සාහය අතහැරියේ නැහැ.
ඉතාමත් පැසසුම්සහගත උත්සහයක ඔහු නිරත වුවද, අවාසනාවන්ත ලෙස අවසන් මොහොතේ දී පන්දුව හතරේ සීමාව ස්පර්ශ කරනවා.
ඒ වනවිටත් පන්දුවාර 7ක් ස්ටෝක්ස් විසින් විවේකයක් ගැනීමකින් තොරව යොමුකර තිබුණා.
ස්ටෝක්ස්ගේ මෙම උත්සහාය සම්බන්ධයෙන් ඔහුව පැසසුමට ලක් කිරීමට ජාත්‍යන්තර විස්තර විචාරකයින් ද කටයුතු කළ අතර, මේ වන විටත් මෙම සිදුවීම බොහෝ දෙනෙකුගේ දැඩි අවධානයට යොමුව ඇති බවක් දක්නට ලැබෙනවා.
වීඩියෝ දර්ශන පහතින් –
There’s commitment.
And there is Ben Stokes’ idea of commitment.
Highlights of yesterday’s win 👉 https://t.co/j13W3a7KgX pic.twitter.com/YYl5UeK9yk
— England Cricket (@englandcricket) July 21, 2020