Ultimate magazine theme for WordPress.

වනිදුගේ ආබාධය නිසා ශ්‍රී ලංකා සංචිතයට තවත් වෙනසක්

පාකිස්තානයේදී ආරම්භ වීමට නියමිත තුන්කොන් පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතයට පා දග පන්දු යවන ක්‍රීඩක විජයකාන්ත් වියස්කාන්ත් කැදවා තිබෙනවා.

ඒ, ඔහු මේ වන විට කටාර්හීදී පැවැත්වෙන නැගී එන ආසියානු ක්‍රිකට් තරගාවලිය සදහා ශ්‍රී ලංකා ඒ කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩා කරමින් සිටින පසුබිමකයි.

ඒ අනුව ඔහු එරට සිට පාකිස්තානය බලා පිටත්ව යාමට නියමිතයි.

පාකිස්තානයට එරෙහිව පැවැති එක්දින තරගාවලියේදී පාදයක ආබාධයකට ලක් වූ වනිදු හසරංග මෙතෙක් සම්පූර්ණයෙන් සුවය ලබා නොමැති බැවිනුයි වියස්කාන්ත් මෙලෙස සංචිතයට නම් කර ඇත්තේ.

අද ආරම්භ වන තුන්කොන් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරගය එළඹෙන 20 වැනිදා සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව රාවල්පින්ඩිහීදී පැවැත්වීමට නියමිතයි.