Ultimate magazine theme for WordPress.

2nd ODI | කාසියේ වාසිය ශ්‍රී ලංකාවට – තරගය පන්දුවාර 44 කට සීමා කෙරේ

Toss Report

ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගයේ පළමුව පන්දු යැවීමටයි තීරණය කළේ.

තරගය පස්වරු 2:30 ට ආරම්භ කිරීමට නියමිතව තිබූ නමුත්, වර්ෂාව හේතුවෙන් තරගයේ ආරම්භය ප්‍රමාද කිරීමට සිදු වුණා.

එක් අවස්ථාවක වර්ෂාව නතර වීම හේතුවෙන් තරගය පන්දුවාර 45 ක තරගයක් ලෙස පස්වරු 4:15 ට ආරම්භ කිරීමට ද සැලසුම් කෙරුණු නමුත්, යළි වර්ෂාව පතිත වීම නිසා යළි තරගයේ ආරම්භය කල් දැමුණා.

ඒ අනුව තරගය පස්වරු 4:30 ට ආරම්භ කිරීමටයි මේ වන විට තීරණය කර ඇත්තේ. ඒ, පන්දුවාර 44 ක තරගයක් ලෙසයි.

අද තරගය සදහා කොදෙව්වන් කිසිදු වෙනස්කමක් සිදු කර නොමැති අතර, ශ්‍රී ලංකාව වෙනුවෙන් මහීෂ් තීක්ෂණ කැදවා ඇත්තේ ජෙෆ්රි වැන්ඩර්සේ වෙනුවටයි. ආබාධයකට ලක් වූ පැතුම් නිස්සංක මෙම තරගය සදහා ද ක්‍රීඩා කරන්නේ නැහැ.

කණ්ඩායම් දෙක –

Sri Lanka XI

N Madushka
A Fernando
Kusal Mendis (wk)
Kamindu Mendis
C Asalanka (c)
S Samarawickrama
J Liyanage
W Hasaranga
D Wellalage
M Theekshana
A Fernando

West Indies XI

Brandon King
Alick Athanaze
Shai Hope (c, wk)
Keacy Carty
Sherfane Rutherford
Roston Chase
Romario Shepherd
Hayden Walsh
Gudakesh Motie
Jayden Seales
Alzarri Joseph