Ultimate magazine theme for WordPress.

Watch : පළමු පන්දුවාරයෙන්ම සැක් ක්‍රව්ලි ආයෙත් ස්ටක්ට ගොදුරු වෙයි

අළුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ දෙවැනි දිනය අදයි.

පර්ත්හීදී පැවැත්වෙන තරගය අද දිනයට ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඔස්ට්‍රේලියාව කඩුලු 9ක් දැවී ලකුණු 123 ක් ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 132 ක් පමණයි. ඒ, එංගලන්තය ලබා ගත් ලකුණු 172 ට පිළිතුරු ලෙසයි.

එංගලන්ත පළමු ඉනිමේදී පළමු පන්දුවාරයේදීම මිචෙල් ස්ටක්ගේ පන්දුවකට ලකුණු නොලබා දැවී ගිය සැක් ක්‍රව්ලි දෙවැනි ඉනිමේ පළමු පන්දුවාරයේදී ද මිචෙල් ස්ටක්ගේ පන්දුවක් හමුවේ ලකුණු නොලබා දැවී යාම කැපී පෙනුණා.