Ultimate magazine theme for WordPress.

මැතිව් කුහ්නෙමන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබද පරීක්ෂණ වාර්තාව එළියට

ඔස්ට්‍රේලියානු දග පන්දු යවන ක්‍රීඩක මැතිව් කුහ්නෙමන්ගේ පන්දු යැවීමේ ඉරියව්ව පිළිබද පරීක්ෂණයේ වාර්තාව මේ වන විට ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළේ ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව නිවැරැදි බවට අනාවරණය වී ඇති බැවින් ඔහුට ගැටලුවකින් තොරව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ඉදිරියටත් පන්දු යැවීමට හැකියාව ලැබෙන බවයි.

ශ්‍රී ලංකාව සමග පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් පසුව ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට චෝදනා එල්ල වුණා.

අනතුරුව ඔහු පෙබරවාරි 15 වැනිදා බ්‍රිස්බේන්හි National Cricket Centre හීදී පන්දු යැවීමේ ඉරියව්ව පිළිබද පරීක්ෂණයකට මුහුණ දුන්නා.

එහි ප්‍රතිපල අනුව අනාවරණය වී ඇත්තේ කුහ්නෙමන් පන්දු යවන විට ඔහුගේ වැලමිට අනුමත අංශක 15 ක සීමාව තුළ පවතින බවයි.

2017 වසරේදී ආරම්භ කළ ඔහුගේ වෘත්තීය ක්‍රිකට් දිවියේදී පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට ඔහුට චෝදනා එල්ල වූ පළමු අවස්ථාව මෙයයි.