Ultimate magazine theme for WordPress.

NZ XI vs SL : පුහුණු T20 තරගයෙන් ශ්‍රී ලංකාවට කඩුලු හතක ජයක්

Match Report

New Zealand XI කණ්ඩායම සමග පැවැති පුහුණු විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් කඩුලු හතක ජයක් වාර්තා කිරීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අද(23) සමත් වුණා.

Lincoln හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් New Zealand XI කණ්ඩායම පන්දුවාර 13.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 94 ක් පමණයි.

Bevon Jacobs පන්දු 16 කින් හයේ පහර 4 ක් හා හතරේ පහර 2 ක් සමගින් ලකුණු 39 ක් රැස් කළා.Callum McLachlan ලකුණු 11 කට හා Joe Carter ලකුණු 10 කට දැවී ගියා.

පන්දු යැවීමේ දී වනිදු හසරංග ලකුණු 12 කට කඩුලු 3 ක් දවා ගත්තේ පන්දුවාර 2.3 ක් යොමු කරමින්. මතීෂ පතිරණ හා චරිත් අසලංක කඩුලු 2 බැගින් බිද හෙලුවා. චමිදු වික්‍රමසිංහ, බිනුර ප්‍රනාන්දු හා කමිදු මෙන්ඩිස් අතරේ කඩුල්ල බැගින් බෙදී ගියා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව පන්දුවාර 10.5 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ලකුණු 97 ක් ලබා ජයග්‍රහනය තහවුරු කර ගත්තා.

ආරම්භක පිතිකරුවන් වූ පැතුම් නිස්සංක ඉනිමේ පළමු පන්දුවෙන්ද, කුසල් මෙන්ඩිස් තමා මුහුණ දුන් තෙවැනි පන්දුවෙන් ද ලකුණු නොලබා දැවී ගියා.

කුසල් පෙරේරා ලකුණු 30(22) ක් ලබා සිටියදී හා කමිදු මෙන්ඩිස් ලකුණු 28(22) ක් ලබා සිටියදී දෙදෙනාම එකම අවස්ථාවක පිටියෙන් ඉවත් වුණේ නායක චරිත් අසලංක හා භානුක රාජපක්ෂට පන්දුවට පහර දීමේ අවස්ථාව සලසා දෙමින්.

කුසල්ගේ හා කමිදුගේ ඉනිම්වලට එක් හයේ පහරක් හා හතරේ පහර 4 බැගින් ඇතුළත් වුණා.

භානුක ලකුණු 8(7) කට දැවී ගියා. චරිත් නොදැවී ලකුණු 18(6) ක් රැස් කළ අතර, චමිදු වික්‍රමසිංහ නොදැවී ලකුණු හයයි.

පන්දු යැවීමේදී Ben Lister, Matthew Fisher හා Adithya Ashok කඩුල්ල බැගින් බිද හෙලුවා.

මේ අතර, මෙම තරගයෙන් පසුව පුහුණු T10 තරගයක් ද කණ්ඩායම් දෙක අතර පැවැත්වුණා. එම තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 32 කින් ජය ගත්තා.