Ultimate magazine theme for WordPress.

වෙනස්කම් රැසක් සමග ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කෙරේ

බංග්ලාදේශය සමග පැවැත්වීමට නියමිත තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය සදහා වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 18 දෙනෙකු ඇතුළත්.

ලහිරු කුමාර මෙම සංචිතයට පළමුව නම් කර ඇතත්, ඔහු පුහුණුවීම් අතරතුර ආබාධයකට ලක් වීම හේතුවෙන් පළමු තරගයට ක්‍රීඩා නොකරන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය එළඹෙන 17 වැනිදා ගාල්ලේ දී ආරම්භ වීමට නියමිතයි.

මෙතෙක් ටෙස්ට් වරම් දිනා නොමැති ක්‍රීඩකයින් 6 දෙනෙකු සංචිතයට නම් කර තිබීම විශේෂත්වයක්.

ඒ අනුව ලහිරු උදාර, පසිදු සූරියබණ්ඩාර, සොනාල් දිනූෂ, පවන් රත්නායක, තරිදු රත්නායක හා ඉසිත විජේසුන්දර සංචිතයට නම් කර ඇති අතර, අකිල ධනංජය යළි ටෙස්ට් සංචිතයට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

ශ්‍රී ලංකා සංචිතය –