Ultimate magazine theme for WordPress.

බ්‍රයිඩන් කාර්ස් ශූරයින්ගේ කුසලානයෙන් ඉවතට

එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක බ්‍රයිඩන් කාර්ස්ට මෙවර ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ අනුව බදාදා පැවැත්වීමට නියමිත ඇෆ්ඝනිස්තානයට එරෙහි තීරණාත්මක තරගය ද ඔහුට අහිමි වනවා.

ඔහුගේ වම් පාදයේ ඇගිල්ලක සිදුව ඇති ආබාධයක් හේතුවෙන් බ්‍රයිඩන් කාර්ස්ට සදුදා පැවැති පුහුණුවීම් කටයුතුවලට ද එක්වීමට හැකි වූයේ නැහැ.

ඔහු වෙනුවට පා දග පන්දු යවන ක්‍රීඩක රෙහාන් අහ්මඩ් සංචිතයට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.