Ultimate magazine theme for WordPress.

ජෝර්ඩන් කොක්ස්ට නවසීලන්ත ටෙස්ට් තරගාවලිය අහිමි වෙයි

නවසීලන්තය සමග පැවැත්වීමට නියමිත තරග 3 කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව එංගලන්තයේ ජෝර්ඩන් කොක්ස්ට අහිමි වී තිබෙනවා.

ඒ, නවසීලන්තයේ දී පුහුණුවීම් සිදු කරන අතරවාරයේදී ඔහුගේ දකුණු මාපටැඟිල්ලෙහි සිදු වූ අස්ථි බිදී යාමක් හේතුවෙන්.

ආබාධය සිදු වීමෙන් පසුව ඔහුව රෝහල් ගත කිරීමක් සිදු කර තිබූ අතර, එහිදී සිදු කළ පරීක්ෂණවලදී අස්ථි බිදී යාමක් සිදුව ඇති බව හදුනා ගෙන තිබෙනවා.

ජෝර්ඩන් කොක්ස් මෙම තරගාවලියේ දී ටෙස්ට් වරම් දිනා ගැනීමට සූදානමින් සිටියා. ඒ, කඩුලු රකින ක්‍රීඩක ජෙමී ස්මිත් ඔහුගේ හා සිය බිරිදගේ පළමු දරු උපත නිසා මෙම සංචාරයට එක් නොවීම හේතුවෙන්.

කොක්ස් වෙනුවට වෙනත් ක්‍රීඩකයෙකු මෙතෙක් සංචිතයට ආදේශ කර නැහැ. දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය එළඹෙන 28 වැනිදා ක්‍රයිස්චර්ච්හීදී ආරම්භ වීමට නියමිතයි.