Ultimate magazine theme for WordPress.

කෝලි, ෂර්මාගේ කොන්ත්‍රාත් පහළට ඇද වැටෙයි – කිෂන්, ෂාමි ඉවතට – කොන්ත්‍රාත්ගත ක්‍රීඩකයින් 30 මෙන්න

2025-26 තරග වාරයට අදාළ වාර්ෂික කොන්ත්‍රාත්ගත ඉන්දීය ක්‍රීඩකයින්ගේ ලැයිස්තුව එරට ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් නිවේදනය කළා.

ඒ අනුව මෙතෙක් පැවැති A+ කාණ්ඩය මෙවර ඉවත් කර ඇති අතර, A, B හා C යනුවෙන් කාණ්ඩ තුනකට පමණක් මෙවර ක්‍රීඩකයින් ඇතුළත් කර තිබෙනවා.

වාර්ෂික කොන්ත්‍රාත් හිමිව ඇති ක්‍රීඩකයින් ගණන 30 ක්. සායි සුදර්සන් පමණක් කොන්ත්‍රාත් සදහා අලුතින් ඇතුළත් කර ඇති අතර, ඉෂාන් කිෂන්, මොහමඩ් ෂාමි, රාජත් පටිදර්, සර්ෆරාස් ඛාන් හා මුකේෂ් කුමාර් කොන්ත්‍රාත් ලැයිස්තුවෙන් ඉවත් කර තිබීම විශේෂත්වයක්.

A කාණ්ඩය සදහා ඇතුළත්ව ඇත්තේ ටෙස්ට් හා එක්දින නායක ෂුබ්මන් ගිල්, ජස්ප්‍රිට් බුම්රා හා රවීන්ද්‍ර ජඩේජා යන ක්‍රීඩකයින්.

විරාත් කෝලි, රෝහිත් ෂර්මා, වොෂින්ටන් සුන්දර්, කේ එල් රාහුල්, මොහමඩ් සිරාජ්, හර්ඩික් පාන්ඩ්යා, රිෂාබ් පාන්ට්, කුල්දීප් යාදව්, යශස්වි ජයිස්වාල්, විස්සයි 20 නායක සූර්යකුමාර් යාදව්, ෂ්රෙයස් අයියර් යන ක්‍රීඩකයින් ඇතුළත් කර ඇත්තේ B කාණ්ඩයටයි. මේ වන විට එක්දින ජාත්‍යන්තර තරග පමණක් ක්‍රීඩා කරන කෝලි හා රෝහිත් මීට පෙර රැදී සිටියේ A+ කාණ්ඩයේයි.

C කාණ්ඩය සදහා අක්සාර් පටෙල්, තිලක් වර්මා, රින්කු සිං, ශිවම් ඩූබේ, සංජු සැම්සන්, අර්ෂ්දීප් සිං, ප්‍රසිද් ක්‍රිෂ්නා, ආකාශ් දීප්, ද්‍රව් ජුරෙල්, හර්ෂිත් රානා, වරුන් චක්‍රවර්තී, නිටිෂ් කුමාර් රෙඩී, අභිෂේක් ෂර්මා, සායි සුදර්සන්, රවී බිෂ්නෝයි, රුටුරාජ් ගයික්වඩ් ඇතුළත්.