Ultimate magazine theme for WordPress.

Watch : ඇඩම් හොස් දරුණු ආබාධයකට මුහුණ දුන් හැටි

හන්ඩ්‍රඩ් ක්‍රිකට් තරගාවලියේ 15 වැනි තරගයේදී දරුණු ආබාධයකට මුහුණ දීමට ට්‍රෙන්ට් රොකට්ස් කණ්ඩායමේ ඇඩම් හෝස්ට සිදු වුණා.

සදර්න් බ්‍රේව් කණ්ඩායමට එරෙහිව පැවැති මෙම තරගයෙන් ට්‍රෙන්ට් රොකට්ස් කණ්ඩායම කඩුලු හතරකින් ජයග්‍රහණය කළා.

තරගය අතරතුර පිතිකරු ඇඩම් හෝස් පන්දු රකිමින් සිටියදී වළලුකර ආශ්‍රිතව මුහුණ දුන් දරුණු ආබාධය හේතුවෙන් තරගය මිනිත්තු 10කට පමණ තාවකාලිකව නතර කිරීමටද සිදු වුණා.

අනතුරුව 32 හැවිරිදි හෝස් වහාම රෝහල් ගත කිරීමටයි පියවර ගත්තේ.

ඔහුට ශල්‍යකර්මයක් අවශ්‍ය වේද යන්න ස්කෑන් පරීක්ෂණ මගින් තීරණය කරනු ඇති.

නමුත්,ඔහුට සුවය ලැබීම සඳහා සති හයේ සිට 12 දක්වා කාලයක් ගතවනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.