Watch : බ්‍රේවිස් පිට පිට ගහපු සුපිරි හයේ පහර 4 මෙන්න

සත්කාරක ඕස්ට්‍රේලියා කණ්ඩායම සහා දකුණු අප්‍රිකා කණ්ඩායම අතර අද (16) පැවති 3 වන සහ අවසන් විස්සයි විස්ස තරගය නිමාවට පත්වුනේ 2-1 ක් ලෙස තරගාවලියේ ජය ඕස්ට්‍රේලියා කණ්ඩායමට හිමිකරදෙමින්.
එම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකා කණ්ඩායම ලබාදුන් ලකුනු 173 ක ඉලක්කය කඩුලු 6 ක් බිඳ වැටී පන්දුවාර 19.5 ක් තුල සාර්ථකව හඹා යාමට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සමත්වුනා.
එහිදී එක් අන්තයක පිතිකරුවන් දැවීයද්දි සටන්කාමී ඉනිමක් දියත් කරමින් පන්දු 36 කට ලකුනු ලකුනු 63 ක් නොදැවී රැස්කල ග්ලේන් මැක්ස්වෙල් සිය කණ්ඩායමට තියුණු ජයග්රහනයක් රැගෙන ආවා.
මැක්ස්වෙල්ගේ පිතිකරණය මෙන්ම මෙම තරගයෙදී ඩිවාල්ඩ් බ්‍රේවිස් දියත්කල ඉනිමත් බොහෝ ප්රේක්ෂකයෙන්ගේ අවාධානය දිනාගැනීමට සමත්වුනා.
එයට ප්‍රධාන හේතුව වූයේ බ්‍රේවිස් සිය ලකුනු 53(26) ක වේගවත් ඉනිම තුල පිටියෙන් ඉවතට යාමට එල්ල කල දැවැන්ත හයේ පහරවල් නිසායි.
එහිදි ඇරෝන් හාර්ඩි යොමු කල 10 වන පන්දුවාරයේදී පිට පිට හයේ පහරවල් 4 ක් එල්ල කිරීම කැපීපෙනෙන සිදුවීමක් වුනා.
— cric sl (@cricslvideo) August 16, 2025
THREE NO-LOOK SIXES IN A ROW FROM DEWALD BREVIS!@BKTtires | #PlayoftheDay | #AUSvSA pic.twitter.com/2w1BpmQR8T
— cricket.com.au (@cricketcomau) August 16, 2025