Watch : ඉනිමේ පළමු පන්දු හතරේදී කඩුලු 2ක් අසිත දවා ගත් හැටි

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර පළමු එක්දින ක්‍රිකට් තරගය හරාරේහීදී අද දහවල් ආරම්භ වුණා.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුලු 6 ක් දැවී ලකුණු 298 ක් ලබා ගත්තා.
පැතුම් නිස්සංක ලකුණු 76(92)ක්, ජනිත් ලියනගේ ලකුණු 70(47) ක් හා කමිදු මෙන්ඩිස් ලකුණු 57(36) ක් රැස් කළා.
කුසල් හා පැතුම් අතර දෙවැනි කඩුල්ලට ලකුණු 100 (128) ක සම්බන්ධතාවයක් ද, කමිදු හා ජනිත් අතර 6 වැනි කඩුල්ලට ලකුණු 137 (83) ක සම්බන්ධතාවයක් ද ගොඩ නැගුණා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි සිම්බාබ්වේ ඉනිමේ පළමු කඩුලු දෙකම ඉනිමේ පළමු පන්දුවාරයේදීම දවා ගැනීමට අසිත ප්‍රනාන්දු සමත් වුණා.
පළමු පන්දුවෙන්ම බ්‍රයන් බෙනට් ලකුණු නොලබා දැවී ගිය අතර, එම පන්දුවාරයේ සිව්වැනි පන්දුවේදී බ්‍රෙන්ඩන් ටේලර් ද ලකුණු නොලබා දැවී ගියා.
— cric sl (@cricslvideo) August 29, 2025