ප්රබල ඉන්දියාව පරදා ඇෆ්ඝනිස්තාන A කණ්ඩායම ශ්රී ලංකාවට එරෙහිව අවසන් මහා තරගයට
Match Report

ඕමානයේ පැවැත්වෙන 2024 නැගීඑන කණ්ඩායම් ආසියානු කුසලාන පන්දුවාර විස්සයි 20 ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ඇෆ්ඝනිස්තාන A කණ්ඩායම අද(25) සමත් වුණා.
ඒ, තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයෙන් ප්රබල ඉන්දීය A කණ්ඩායම පරදා ලකුණු 20 ක ජයක් වාර්තා කරමින්. මෙය ඇෆ්ඝනිස්තාන කණ්ඩායමක් නැගීඑන කණ්ඩායම් ආසියානු කුසලාන තරගාවලියක අවසන් මහා තරගයකට සුදුසුකම් ලැබූ පළමු අවස්ථාවයි.
ඒ අනුව එළඹෙන 27 වැනිදා පැවැත්වෙන අවසන් මහා තරගයේ දී ඇෆ්ඝනිස්තාන A කණ්ඩායම හා ශ්රී ලංකා A කණ්ඩායම එකිනෙකා මුණ ගැසීමට නියමිතයි.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ඝනිස්තාන A කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු කඩුලු 4 ක් දැවී ලකුණු 206 ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළා.
පළමු කඩුල්ල වෙනුවෙන් Zubaid Akbari හා Sediqullah Atal පන්දුවාර 14.1 ක් තුළ ලකුණු 137 ක අගනා සම්බන්ධතාවයක් ගොඩ නැගූ අතර, පළමු කඩුල්ල ලෙස පන්දු 41 කින් ලකුණු 64 ක් ලබා සිටි Zubaid Akbari දැවී ගියා.
Sediqullah Atal ලකුණු 83 ක් රැස් කළේ පන්දු 52 කින්. හයේ පහර 4 ක් හා හතරේ පහර 7 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්. Karim Janat ලකුණු 41(20) යි.
පන්දු යැවීමේ දී Rasikh Salam ලකුණු 25 කට කඩුලු 3 ක් දවා ගත්තා.
පිළිතුරු ඉනිම ක්රීඩා කළ ඉන්දියාවට පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 186 ක් පමණයි.
Ramandeep Singh හයේ පහර 2 ක් හා හතරේ පහර 8ක් සමගින් පන්දු 34 කින් ලකුණු 64 ක් ලබා ගනිමින් හුදෙකලා සටනක නිරත වූ නමුත් එය ජයග්රහනය සදහා ප්රමාණවත් වූයේ නැහැ. Ayush Badoni ලකුණු 31(24) යි.
පන්දු යැවීමේ දී AM Ghazanfar හා Abdul Rahman කඩුලු දෙක බැගින් බිද හෙලුවා.