Ultimate magazine theme for WordPress.

T20 ලෝක කුසලානය අභියස එංගලන්තය ශ්‍රී ලංකා තරග සංචාරයක

එංගලන්ත කණ්ඩායම ලබන වසරේදී ශ්‍රී ලංකා තරග සංචාරයක නිරත වන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

මෙම සංචාරයේදී දෙරට අතර එක්දින තරග 3 ක් හා විස්සයි 20 තරග 3ක් පැවැත්වීමට නියමිතයි.

ජනවාරි 19 වැනිදා එංගලන්ත කණ්ඩායම මෙරටට ළගා වීමට නියමිත අතර, තරග සංචාරය ආරම්භ කරමින් එක්දින තරගාවලිය පළමුව පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එක්දින තරග තුනම කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතයි. ජනවාරි 22, 24 හා 27 යන දිනවලදී එක්දින තරග පැවැත්වෙන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

විස්සයි 20 තරගාවලිය පැවැත්වෙන්නේ මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේදීයි. ජනවාරි 30, පෙබරවාරි 1 හා 3 යන දිනවලදී විස්සයි 20 තරග පැවැත්වෙනවා.

එක්දින තරග පස්වරු 2:30 ට ද, විස්සයි 20 තරග රාත්‍රී 7 ට ආරම්භ වීමට නියමිතයි.

ඉන්දියාවේදී හා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත විස්සයි 20 ලෝක කුසලානයට පෙරහුරුවක් ලෙස මෙම තරගාවලිය කණ්ඩායම් දෙකම යොදා ගනු ඇති.

Series schedule:

  • 1st ODI – 22 January, 2026
  • 2nd ODI – 24 January, 2026
  • 3rd ODI – 27 January, 2026
  • 1st T20I – 30 January, 2026
  • 2nd T20I – 1 February, 2026
  • 3rd T20I – 3 February, 2026