Ultimate magazine theme for WordPress.

ටයිටන්ස් පරදා මුම්බායි ඉන්දියන්ස් Qualifier 2 තරගයට

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් වටයේ තෙවැනි තරගයට (Qualifier 2) සුදුසුකම් ලබා ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ, අද(30) පැවැති අවසන් වටයේ දෙවැනි තරගයෙන් ගුජරාට් ටයිටන්ස් පරදා ලකුණු 20 ක ජයක් වාර්තා කරමින්.

New Chandigarh හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් මුම්බායි පිල කඩුලු 5 ක් දැවී ලකුණු 228 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ටයිටන්ස් කණ්ඩායමට කඩුලු 6 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 208 ක් පමණයි.

මුම්බායි වෙනුවෙන් රෝහිත් ෂර්මා ලකුණු 81(50) ක් රැස් කළා. ජොනී බෙයාර්ස්ටව් ලකුණු 47(22) යි. සූර්යකුමාර් යාදව් ලකුණු 33(20) ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී ප්‍රසිද් ක්‍රිෂ්නා හා සායි කිෂෝර් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ටයිටන්ස් කණ්ඩායම වෙනුවෙන් සායි සුදර්සන් ලකුණු 80 ක් රැස් කළේ පන්දු 49 කින්. අයි.පී.එල් වරම් දිනූ කුසල් මෙන්ඩිස් පන්දු 10 කින් හයේ පහර 2ක් හා හතරේ පහරක් සමග ලකුණු 20 ක් ලබා සිටියදී හිට් විකට් දැවී යාමකට හසු වුණා.

වොෂින්ටන් සුන්දර් ලකුණූ 48(24) ක් ද, ශෙර්ෆේන් රදර්ෆර්ඩ් ලකුණූ 24(15) ක් ද ලබා ගත්තා.

පන්දු යැවීමේදී ට්‍රෙන්ට් බෝල්ට් කඩුලු 2 ක් දවා ගත්තේ ලකුණු 56 ක් ලබා දෙමින්.

ඒ අනුව එළඹෙන පළමු වැනිදා පැවැත්වෙන අවසන් වටයේ තෙවැනි තරගයේදී මුම්බායි පිල, පංජාබ් කිංග්ස් කණ්ඩායමට එරෙහිව තරග වැදීමට නියමිතයි.