Ultimate magazine theme for WordPress.

අංක 18 ගැන කෝලි කළ නවතම අනාවරණය

තමා සහ තමාගේ ජර්සි අංකය වන අංක 18 අතර ඇති බැදීම පිළිබද ඉන්දීය හා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ සුපිරි පිතිකරු විරාත් කෝලි යළි අනාවරණයක් සිදු කර තිබෙනවා.

ඒ, Star Sports මාධ්‍ය ආයතනය සමග සිදු කළ සම්මුඛ සාකච්ඡාවකදීයි.

ඔහුගේ ජර්සි අංකය හා ඔහු අතර පවතින සම්බන්ධය ගැන ඇතැම් විට ඔබ මීට පෙර අසා ඇති.

කෙසේ වෙතත්, විරාත් කෝලි අදාළ සම්මුඛ සාකච්ඡාවේ දී සදහන් කළේ ජර්සි අංකය ලෙස අංක 18 තමා ඉල්ලීමක් සිදු කර ලබා ගත් අංකයක් නොවන බවයි.

තමා වයස අවුරුදු 19න් පහළ ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීමේ දී පළමුව තමන්ට එම ඉලක්කම ලබා දී තිබූ බව කෝලි සදහන් කළා.

නමුත් පසුව එය තමාට ඉතා වැදගත් අංකයක් බවට පත් වූ බවයි කෝලි කියා සිටියේ.

තමා ඉන්දියාව වෙනුවෙන් ජාත්‍යන්තර වරම් දිනා ගත්තේ 2008 වසරේ අගෝස්තු 18 වැනිදා බවත්, සිය පියා අභාවප්‍රාප්ත වූයේ 2006 වසරේ දෙසැම්බර් 18 වැනිදා බවත් කෝලි මෙම සම්මුඛ සාකච්ඡාවේ දී පෙන්වා දුන්නා.

එහි දර්ශන පහතින් නරඹන්න –