SA v SL : පළමු ටෙස්ට් තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
Toss Report

දකුණු අප්‍රිකාව හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව ඔවුන් පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව දකුණු අප්‍රිකා කණ්ඩායමට ලබා දීමටයි තීරණය කළේ.
තරගය දකුණු අප්‍රිකාවේ ඩර්බන්හීදී පැවැත්වෙනවා. තරගය සදහා ශ්‍රී ලංකාවෙන් වේග පන්දු යවන්නන් තිදෙනෙකු හා එක් විශේෂඥ දග පන්දු යවන්නෙකු නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
කණ්ඩායම් දෙක –
South Africa XI:
Aiden Markram, Tony de Zorzi, Tristan Stubbs, Temba Bavuma (c), David Bedingham, Kyle Verreynne (wk), Marco Jansen, Wiaan Mulder, Gerald Coetzee, Keshav Maharaj, Kagiso Rabada
Sri Lanka XI:
Dimuth Karunaratne, Pathum Nissanka, Dinesh Chandimal, Angelo Mathews, Kamindu Mendis, Dhananjaya de Silva (c), Kusal Mendis (wk), Prabath Jayasuriya, Lahiru Kumara, Asitha Fernando, Vishwa Fernando