Ultimate magazine theme for WordPress.

බෙන් සියර්ස්ට ටෙස්ට් තරගාවලිය අහිමි වෙයි

නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක බෙන් සියර්ස්ට ඉන්දියාව සමග ආරම්භ වීමට නියමිත තරග 3 කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා. ඒ, ඔහුගේ දණහිසක ඇතිව තිබෙන ආබාධයක් හේතුවෙන්.

ඔහු වෙනුවට මෙතෙක් ටෙස්ට් වරම් දිනා නොමැති Jacob Duffy සංචිතයට ආදේශ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

බදාදා පෙරවරු කාලයේ දී ඔහු ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතයි.

දෙරට අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගය ද බදාදා(16) දිනයේදීම බැංගලූරුහී දී ආරම්භ වීමට නියමිතව තිබෙනවා.