Ultimate magazine theme for WordPress.

Watch : SA20 පිටියම මවිත කරවූ තරිදුගේ සුපිරි පන්දු යැවීම මෙන්න

SA20 ක්‍රිකට් තරගාවලියේදී යළිත් වරක් සුපිරි පන්දු යැවීමක නිරත වීමට Sunrisers Eastern Cape කණ්ඩායමේ ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක තරිදු රත්නායකට හැකි වුණා.

Gqeberha හීදී පැවැති තරගයේදී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ Pretoria Capitals කණ්ඩායමයි.

පළමුව පන්දුවට පහරදුන් Sunrisers පිල කඩුලු 6 ක් දැවී ලකුණු 188 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Pretoria කණ්ඩායමට පන්දුවාර 18 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 140 ක් පමණයි.

මීට පෙර පැවැති තරගයේදී පන්දුවාර 2.5 ක් තුළ ලකුණු 9කට කඩුලු 2 ක් දවා ගනිමින් විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වූ තරිදු මෙම තරගයේදී පන්දුවාර 4 යොමු කරමින් ලකුණු 15 කට දවා ගත් කඩුලු ගණන 2 ක්.

පන්දුවාරයකට ලකුණු 9.36 ක වේගයක් පවත්වා ගෙන යමින් Pretoria Capitals කණ්ඩායම හොදින් පන්දුවට පහර දෙමින් සිටි අවස්ථාවක පන්දුව අතට ගත් තරිදු සිය පළමු පන්දුවාරයේදී ප්‍රතිවාදීන්ට ලබා දුන්නේ එක් ලකුණක් පමණක් වීම කැපී පෙනුණා.

දර්ශන පහතින් –