Watch : Free-hit පන්දුවට දුවද්දී දැවී යාමෙන් ඇෆ්ඝනිස්තානයට අහිමි වූ ජයග්‍රහනය
2026 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ මෙතෙක් පැවැති තියුණුම තරගය බවට පත් වෙමින් 13 වැනි තරගය අහ්මදාබාද්හීදී අද නිමා වුණේ දෙවැනි සුපිරි පන්දුවාරයේදී ඇෆ්ඝනිස්තානය පරදා දකුණු අප්‍රිකාවට ජය හිමි කර දෙමින්.
පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව කඩුලු 6 ක් දැවී ලකුණු 187 ක් ලබා ගත් අතර, ඇෆ්ඝනිස්තානයට ද පන්දුවාර 19.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 187 ක් පමණයි.
අවසන් පන්දුවාරයේදී ජයග්‍රහනය සදහා ඇෆ්ඝනිස්තානයට ලකුණු 13 ක් අවශ්‍ය වූ අතර, ඉතිරිව තිබුණේ එක් කඩුල්ලක් පමණයි.
කාගිසෝ රබාඩා යොමු කළ අවසන් පන්දුවාරයේ පළමු පන්දුවෙන්ම නූර් අහ්මඩ් දැවී ගිය නමුත්, පසුව තෙවන විනිසුරු විසින් එය නිපන්දුවක් ලෙස සංඥා කළා.
ඉන් උපරිම ප්‍රයෝජන ගත් නූර් එම පන්දුවාරයේ නීත්‍යානුකූල දෙවැනි පන්දුවට හයේ පහරක් ද එල්ල කරමින් තරගයේ ජයග්‍රහනය ආසන්නයටම සිය කණ්ඩායම රැගෙන යාමට සමත් වුණා.
අවසන් පන්දුවාරයේ සිව්වැනි පන්දුවද නිපන්දුවක් වූ අතර, ඒ අනුව අවසන් පන්දු තුන තුළ දී ඇෆ්ඝනිස්තානයට ලබා ගැනීමට අවශ්‍ය වූයේ ලකුණු 2 ක් පමණයි.
කෙසේ වෙතත්, නිදහස් පහරක් වූ නීත්‍යානුකූල සිව්වැනි පන්දුවට ලකුණු දෙකක් කරා පැති මාරු කර ගැනීමට යාමේදී ෆසල්හක් ෆරූකී දුවද්දී දැවී යාම හේතුවෙන් තරගයේ ලකුණු සංඛ්‍යාව සම මට්ටමට පත් වුණා. (දර්ශන පහතින්)
පසුව ලබා දුන් පළමු සුපිරි පන්දුවාර ද සම වීම හේතුවෙන් දෙවැනි සුපිරි පන්දුවාරයක් කරා තරගය රැගෙන යාමට සිදු වූ අතර, දෙවැනි සුපිරි පන්දුවාරයේදී තියුණු සටනකින් පසුව තරගයේ ජය දකුණු අප්‍රිකාව හිමි කර ගත්තා.
— cric sl (@cricslvideo) February 11, 2026
Sports can be very cruel sometimes 💔pic.twitter.com/v1sb1IDkfN
— ` (@RCB_HIvv3) February 11, 2026