Watch : BPL පිටියට මවිතයම හා හාස්‍යයට ලක් කළ අපූර්ව දුවද්දී දැවී යාම මෙන්න
බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 8 වැනි තරගයේදී බොහෝ දෙනෙකු මවිතයට පත් කළ අපූර්ව දුවද්දී දැවී යාමක් දැක ගත හැකි වුණා.
මෙම තරගය Rajshahi Warriors හා Rangpur Riders අතර ආරම්භ වුණේ සිලෙට්හීදීයි.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් Warriors කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 159 ක් ලබා ගත්තා.
එහිදී Sahibzada Farhan ලකුණු 65 ක් ලබා ගත් අතර, නජ්මුල් හොසේන් ශන්තෝ ලකුණු 41 කට දැවී ගියා.
ලකුණක් කරා පැති මාරු කිරීමෙන් අනතුරුව පන්දු රකින්නා විසින් පන්දුව පන්දු යවන අන්තයට භාර කර ඇති බව නොදැකීම හේතුවෙන් දෙවැනි ලකුණ කරා ද පැති මාරු කිරීමට නජ්මුල් උත්හාසයක නිරත වූ අතර, එම අවස්ථාවේදීයි ඔහු අවාසනාවන්ත ලෙස දුවද්දී දැවී ගියේ.
දර්ශන පහතින් –
Confusion costs Najmul Hossain Shanto as he is run out after a mix-up, sharp work from Al Islam and Nahid Rana to seal the moment! 💥
BASHUNDHARA CEMENT BANGLADESH PREMIER LEAGUE 2026#BPL #BPL2026 #BCB #Cricket #T20 #Bangladesh pic.twitter.com/gqwcGXMH5m
— Bangladesh Cricket (@BCBtigers) January 1, 2026
— cric sl (@cricslvideo) January 1, 2026