Watch : BBL පිටියේදී වාර්තා වූ මීටර් 121 ක් දිග දැවැන්ත හයේ පහර

මෙල්බර්න් ස්ටාර්ස් පිතිකරු Hilton Cartwright මෙවර බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියේ 23 වැනි තරගයේදී එල්ල කළ දැවැන්ත හයේ පහරක් හේතුවෙන් අද(4) ලොව පුරා බොහෝ දෙනෙකුගේ දැඩි අවධානයක් දිනා ගැනීමට සමත් වුණා.
මෙල්බර්න් ක්‍රීඩාංගනයේදී මෙල්බර්න් රෙනෙගේඩ්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදීයි ඔහු මෙම දැවැන්ත හයේ පහර එල්ල කළේ.
තරගයේ පළමුව පන්දුවට පහර දුන් රෙනෙගේඩ්ස් පිල කඩුලු 7ක් දැවී ලකුණු 168 ක් ලබා ගත් අතර, ස්ටාර්ස් කණ්ඩායම ඉනිම නිමා වීමට පන්දු දෙකක් ඉතිරිව තිබියදී කඩුලු 5ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.
තරගයේ අවසන් පන්දුවාරයේ තෙවැනි පන්දුවට Tom Rogers ට එරෙහිව Hilton Cartwright මෙම හයේ පහර එල්ල අතර, එහි දුර සටහන්ව තිබුණේ මීටර් 121 ක් ලෙසයි.
දර්ශන පහතින් නරඹන්න –
HUGE HILTON!
That is enormous. A 121-metre six from Hilton Cartwright. #BBL14 pic.twitter.com/zCY6uNYyNB
— KFC Big Bash League (@BBL) January 4, 2025