Ultimate magazine theme for WordPress.

Watch : 19 න් පහළ ලෝක කුසලාන පිටිය කැළඹූ අදහා ගන්න බැරි දුවද්දී දැවී යාම මෙන්න

වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 4 වැනි තරගයේදී පාකිස්තාන ක්‍රීඩක Ali Raza දුවද්දී දැවී යාමකට හසු වීම මේ වන විට ලොව පුරා බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් සිදු වීමක් බවට පත්ව තිබෙනවා.

මෙම තරගයේදී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ එංගලන්ත යොවුන් කණ්ඩායමයි. තරගයෙන් එංගලන්තයට ලකුණු 37 ක ජයක් හිමි වුණා.

ඉනිමේ අවසන් කඩුල්ල ලෙස Ali Raza දැවී යන විට ලබා සිටියේ එක් ලකුණක් පමණයි.

එක් ලකුණක් කරා පැති මාර කර ගැනීමෙන් පසුව කඩුලු රකින්නා වෙත පන්දුව ඇදී එන අයුරු දැක දැකත්, සීමා ඉර කරා පැමිණීමට පිතිකරු කටයුතු නොකිරීම මෙම දැවී යාමේ දැක ගත හැකි වූ විශේෂත්වයයි.