Ultimate magazine theme for WordPress.

Watch : හෝබාර්ට් ක්‍රීඩාංගනයෙන් එළියට යන්න ගහපු ස්ටොයිනිස්ගේ දැවැන්ත හයේ පහර

සංචාරක පාකිස්තාන කණ්ඩායම සමග පැවැති තෙවැනි පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයේ දී බොහෝ ප්‍රේක්ෂකයින්ගේ අවධානය දිනා ගත් දැවැන්ත හයේ පහරක් එල්ල කිරීමට ඔස්ට්‍රේලියානු මැද පෙල පිතිකරු මර්කස් ස්ටොයිනිස් අද(18) සමත් වුණා.

හෝබාර්ට්හි පැවැති තරගය ජය ගැනීම සදහා ලකුණු 118 ක ඉලක්කයක් හඹා යන අතරවාරයේදීයි ස්ටොයිනිස් ක්‍රීඩාංගනයෙන් ඉවතට විසි වන ලෙස මෙම දැවැන්ත හයේ පහර එල්ල කළේ.

ඔස්ට්‍රේලියානු ඉනිමේ 9 වැනි පන්දුවාරය හැරිස් රවුෆ් විසින් යොමු කළ අතර, එම පන්දුවාරයේ 4 වැනි පන්දුවට ඔහු මෙම හයේ පහර එල්ල කිරීමට සමත් වුණා.

ඔස්ට්‍රේලියානු හඹා යාම ශක්තිමත් කළ ස්ටොයිනිස් පන්දු 27 ක් පමණක් වැය කරමින් ලකුණු 61 ක් නොදැවී ලබා ගත්තේ හයේ පහර 5 කින් හා හතරේ පහර 5 කින් සිය ඉනිම වර්ණවත් කර ගනිමින්.