Ultimate magazine theme for WordPress.

Watch : සුපිරි පන්දුවකින් ස්ටක් දවා ගත් ගිල්ගේ කඩුල්ල

ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වන අද (7) දිනයේදී විශිෂ්ඨ පන්දුවක් යොමු කරමින් ඉන්දීය පිතිකරු ෂුබ්මන් ගිල් දවා ගැනීමට මිචෙල් ස්ටක් සමත් වුණා.

ඉන්දීය දෙවැනි ඉනිමේ සිව්වැනි කඩුල්ල ලෙස ෂුබ්මන් ගිල් දවා ගැනීම සදහායි ඔහු දෝලනයක් සහිතව මෙම සුපිරි පන්දුව යොමු කළේ.

පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීම හේතුවෙන් ඔහු දැවී යන විට ලබා සිටි ලකුණු සංඛ්‍යාව 28 ක්. (දර්ශන පහතින්)

ඇඩිලේඩ්හි පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව සියලු දෙනා දැවී ලකුණු 180 ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස ඔස්ට්‍රේලියාව ලබා ගත් ලකුණු සංඛ්‍යාව 337 ක්.