Watch : ස්ටොක්ස්ගේ සුපිරි පන්දු රැකීමක් නිසා පාන්ට් දැවී ගිය හැටි

එංගලන්තය හා ඉන්දියාව අතර පැවැත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය අදයි.
ලෝඩ්ස්හීදී පැවැත්වෙන තරගය අද දිනයට ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දියාව කඩුලු 3 ක් දැවී ලකුණු 145 ක් ලබා සිටියා. ඒ, එංගලන්තය ලබා ගත් ලකුණු 387 ට පිළිතුරු ලෙසයි.
අද දිනයේදී රිෂාබ් පාන්ට් දුවද්දී දවා ගැනීමකට හසු කර ගැනීමට බෙන් ස්ටොක්ස් සමත් වීම කැපී පෙනුණා.
දිවා ආහාරය ආසන්නයේදී අනෙක් අන්තයේ පන්දුවට පහර දෙමින් සිටි කේ එල් රාහුල් ලකුණු 98* ක් ලබා සිටි අතර, ඔහුට පිතිකරණයේ නිරත වීමට අවස්ථාව ලබා දීම සදහා ඉක්මන් ලකුණක් කරා පැති මාරු කර ගැනීමට තැත් කිරීමේදියි ස්ටොක්ස්ගේ සුපිරි පන්දු රැකීමක් හමුවේ පාන්ට් දැවී ගියේ.
දැවී යන විට පාන්ට් ලබා සිටි ලකුණු සංඛ්‍යාව 74 ක්.
RUN OUT! 🙌
Ben Stokes aims and fires at the stumps and Rishabh Pant is out! ❌ pic.twitter.com/Z9JWwV9aS4
— England Cricket (@englandcricket) July 12, 2025