Ultimate magazine theme for WordPress.

Watch : ශන්තෝ අසරණ වූ චමීරගේ සුපිරි පන්දුව

සංචාරක බංග්ලාදේශ කණ්ඩා‍යම සමග ශ්‍රී ලංකා කණ්ඩා‍යම තරග වදින තෙවන සහා අවසන් එක්දින තරගය අද (8) පල්ලෙ කැලේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේදී ආරම්භ වුනා.

කාසියේ වාසිය දිනා ප්‍රථමෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩා‍යම නියමිත පන්දුවාර 50 තුල රැස්කල ලකුනු සංඛ්‍යාව 285 ක්. කුසල් මෙන්ඩිස් ශතකයක් රැස්කලා.

ඉන්පසුව ජයග්‍රහනය අපේක්ෂාවෙන් පිටියට පිවිසි බංග්ලාදේශයට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා පන්දුයවන්නන් අවස්ථාවක් ලබාදුන්නේ නැහැ.

ආරම්භක පිතිකරු ටන්සිඩ් හසන් ලකුනු 17 කට අසිත දවාගද්දි, දෙවන කඩුල්ල ලෙස මෙලෙස සුපිරි පන්දුවකින් නජ්මුල් හොසේන් සන්තෝගේ කඩුල්ල බිඳ හෙලීමට දුෂ්මන්ත චමීර සමත්වුනා.