Watch : විල් යන්ග් දැවී ගිය අසිතගේ සුපිරි පන්දුව

ශ්රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වෙන දෙවැනි එක්දින ක්රිකට් තරගයේ දී විශිෂ්ඨ පන්දුවක් යොමු කරමින් නවසීලන්ත කණ්ඩායමේ පළමු කඩුල්ල දවා ගැනීමට අසිත ප්රනාන්දු අද(8) සමත් වුණා.
හැමිල්ටන්හීදී පැවැත්වෙන තරගයේ ආරම්භය වර්ෂාව හේතුවෙන් පැය දෙකහමාරක කාලයක් ප්රමාද වූ අතර, කාසියේ වාසිය දිනූ ශ්රී ලංකාව පළමුව පන්දු යැවීමටයි තීරණය කළේ. තරගය පන්දුවාර 37 කට සීමා කෙරුණා.
නවසීලන්ත ඉනිමේ පළමු කඩුල්ල දැවී ගියේ ලකුණු 31දීයි. අසිතගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම හේතුවෙන් එලෙස දැවී ගියේ විල් යන්ග්.
දර්ශන පහතින් –
— cric sl (@cricslvideo) January 8, 2025