Watch : ලොවම කතා කළ අවාසනාවන්ත ස්ටම්ප් දැවී යාම මෙන්න
කාන්තා බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගයේදී බොහෝ දෙනෙකුගේ අවධානය දිනූ ස්ටම්ප් දැවී යාමකට Sophie Devine අද ගොදුරු වුණා.
Perth Scorchers හා Sydney Sixers අතර මෙම තරගය පැවැති අතර, තරගයේ පළමුව පන්දුවට පහරදුන් පර්ත් පිල පන්දුවාර 19.3 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 109 ක් පමණයි.
සිඩ්නි පිල පන්දුවාර 12.5 ක් අවසානයේ කිසිදු කඩුල්ලක් නොදැවී ජයග්‍රහනය වාර්තා කළා.
පළමුව පන්දුවට පහරදුන් පර්ත් ඉනිමේ තෙවැනි කඩුල්ල ලෙසයි Sophie Devine ස්ටම්ප් වීමකට හසු වුණේ.
මෙහිදී විශේෂත්වය වූයේ කඩුලු රකින ක්‍රීඩිකා Manix-Geeves විසින් ඇයගේ අතින් කඩුල්ල බිද හෙලමින් මෙම කඩුල්ල දවා නොගැනීමයි. ඒ වෙනුවට සිදු වූයේ ඇයගේ ශරීරයේ වැදුණු පන්දුව කඩුල්ලේ වැදී සුළු වේලාවකට පසු බේල්ස් ඉවත් වීම නිසා Devine ට සිය කඩුල්ල අහිමි වීමයි.
එහිදී පන්දුව කඩුල්ලේ වැදුණේ ද? නැත්නම් අත් ආවරණ කඩුල්ලේ වැදීම නිසා බේල්ස් ඉවත් වූයේ ද යන්න තහවුරු කර ගැනීමට තෙවන විනිසුරුවරියට යම් කාලවේලාවක් ගත කිරීමට ද සිදු වුණා.
දර්ශන පහතින් නරඹන්න –
Well it took a (long) while, but eventually one of the more unique stumpings you’ll see in the WBBL 😅#WBBL11 pic.twitter.com/ImkGeO1iN6
— 7Cricket (@7Cricket) November 9, 2025
