Ultimate magazine theme for WordPress.

Watch : රිෂාබ් පාන්ට් ලකුණු 99 ට දැවී ගිය හැටි

ඉන්දීය කඩුලු රකින පිතිකරු රිෂාබ් පාන්ට්ට අද(19) සිය 7 වැනි ටෙස්ට් ශතකය අභියස අවාසනාවන්ත ලෙස දැවී යාමට සිදු වුණා.

ඒ, නවසීලන්තය සමග බැංගලූරුහී දී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වැනි දිනයේදීයි.

එහිදී ඉන්දීය දෙවැනි ඉනිම වෙනුවෙන් විශිෂ්ඨ පිතිහරඹයක නිරත වූ පාන්ට් ලකුණු 99 කට දැවී ගියේ විලියම් ඕරෝක්ගේ පන්දුවක් පිත්තේ වැදී කෙළින්ම කඩුල්ලේ වැදීම හේතුවෙනුයි.

පන්දු 105 කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හයේ පහර 5ක් හා හතරේ පහර 9ක් ඇතුළත්.