Watch : රිෂාබ්ට තරු විසි වූ ආචර්ගේ සුපිරි වේග පන්දුව මෙන්න

එංගලන්තය හා ඉන්දියාව අතර මැන්චෙස්ටර්හීදී පැවැත්වෙන සිව්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය අදයි (24).
අද දිනය ආරම්භ කරන විට ඉන්දියාව කඩුලු 4 ක් දැවී ලකුණු 264 ක් ලබා සිටි අතර, ඔවුන් අද දිනයේදී සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 358 ක්.
සායි සුදර්සන් ලකුණු 61 ක් හා යශස්වි ජයිස්වාල් ලකුණු 58 ක් රැස් කළා.
පන්දුවක් දකුණු පාදයේ වැදී සිදු වූ ආබාධය හේතුවෙන් ලකුණු 37 ක් ලබා සිටියදී ඊයේ දිනයේදී පිටියෙන් ඉවත් වූ රිෂාබ් පාන්ට් අද දිනයේදී ඉන්දීය ඉනිමේ 6 වැනි කඩුල්ල බිද වැටීමෙන් පසුව යළි පිටියට පිවිසියා.
ඔහු හයේ පහර 2ක් හා හතරේ පහර 3 ක් සමගින් පන්දු 75 කින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 54 ක්.
ජොෆ්ර ආචර් යොමු කළ සුපිරි පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම හේතුවෙනුයි ඔහු ඉනිමේ 9 වැනි කඩුල්ල ලෙස දැවී ගියේ.
No better ASMR in cricket 🔊
Jofra Archer has Rishabh Pant’s poles flying ✈️
🇮🇳 3️⃣4️⃣9️⃣-9️⃣ pic.twitter.com/ja65MyYP6k
— England Cricket (@englandcricket) July 24, 2025