Ultimate magazine theme for WordPress.

Watch : රටම මවිතයට පත් කරමින් හයේ පහරක් වැළැක්වූ ධනංජයගේ සුපිරි පන්දු රැකීම

සංචාරක පාකිස්තාන කණ්ඩායම සමග පැවැති තෙවැනි පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයෙන් ලකුණු 14 ක තියුණු ජයක් වාර්තා කරමින් තරගාවලිය තරග 1-1 ක් ලෙස සම තත්ත්වයෙන් අවසන් කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඉරිදා රාත්‍රියේ සමත් වුණා.

වර්ෂාව හේතුවෙන් තරගයේ එක් ඉනිමක් පන්දුවාර 12 කට සීමා කෙරුණු අතර, පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව කඩුලු 6 ක් දැවී ලකුණු 160 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානයට ලබා ගත හැකි වූයේ කඩුලු 8 ක් දැවී ලකුණු 146 ක් පමණයි.

පාකිස්තාන ඉනිම අතරතුරදී ධනංජය ද සිල්වා විසින් හයේ පහරක් වැළැක්වීමට ගත් උත්සාහය බොහෝ දෙනෙකුගේ ඉහළ ඇගයීමකට ලක් වුණා. (දර්ශන පහතින්)