Watch : මැක්ස්වෙල් පන්දු පිටිය යළි කළඹයි – රැක ගත් සුපිරි උඩ පන්දුව මෙන්න
මෙවර බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියේදී ද Melbourne Stars කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ග්ලේන් මැක්ස්වෙල් සුපිරි පන්දු රැකීමක් ප්‍රදර්ශනය කරමින් අනර්ඝ උඩ පන්දුවක් රැක ගැනීමට අද(18) සමත් වුණා.
Hobart Hurricanes කණ්ඩායම සමග මෙල්බර්න්හීදී පැවැති තරගයේදීයි ඔහු මෙම දක්ෂතාවය ප්‍රදර්ශනය කළේ.
හයේ සීමාවෙන් පිටත ගුවනේදී උඩ පන්දුව රැක ගෙන, අනතුරුව ගුවනේදීම පන්දුව මුදා හරිමින්, පසුව යළි හයේ සීමාවෙන් ඇතුළට පැමිණ උඩ පන්දුව සුරැකිව රැක ගැනීමට මැක්ස්වෙල්ට හැකි වුණා.
මැතිව් වේඩ් දවා ගැනීම සදහායි ඔහු මෙම සුපිරි උඩ පන්දුව රැක ගත්තේ.
HE’S DONE IT AGAIN! 🤯
Glenn Maxwell’s taken yet another outrageous catch in the Big Bash! #BBL15 pic.twitter.com/CoBKYFjwrJ
— KFC Big Bash League (@BBL) December 18, 2025