Watch : මැක්ස්වීනි හා ලබුෂේන් එක්ව රැක ගත් සුපිරි උඩ පන්දුව මෙන්න

ඔස්ට්‍රේලියාව හා ඉන්දියාව අතර පැවැත්වෙන තරග 5 කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද(22) පර්ත්හීදී ආරම්භ වුණා.
තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාවට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 150 ක් පමණයි.
ඉන්දීය ඉනිමේ 8 වැනි කඩුල්ල ලෙස හර්ෂිත් රානා දවා ගැනීමට නේදන් මැක්ස්වීනි හා මර්නස් ලබුෂේන් එක්ව විශිෂ්ඨ උඩ පන්දුවක් රැක ගැනීමට සමත් වීම කැපී පෙනුණා.
ජොෂ් හේසල්වුඩ් යොමු කළ පන්දුවකින් පසුව පිත්තේ පිට දාරයේ වැදුණු පන්දුව උඩ පන්දුවක් ලෙස ගලී ප්‍රදේශයේ පන්දු රකිමින් සිටි නේදන් මැක්ස්වීනි අතට ඇදී ගිය නමුත්, ඔහුට එය සාර්ථක ලෙස රැක ගැනීමට හැකි වූයේ නැහැ.
කෙසේ වෙතත්, ඔහුගේ අතෙහි වැදුණු පන්දුව ස්ලිප්හි පන්දු රකිමින් සිටි ලබුෂේන් දෙසට ඇදී ගිය අතර, එම අවස්ථාවේදී වහා ක්‍රියාත්මක වූ ලබුෂේන් උඩ පන්දුව සාර්ථක ලෙස රැක ගැනීමට සමත් වුණා.
දර්ශන කිහිපයක් පහතින් –
— cric sl (@cricslvideo) November 22, 2024
Luck is not in favour of India 🥵 Absolutely Brilliant Catch from Labuschagne 🥴 #INDvAUS #BorderGavaskarTrophy pic.twitter.com/ES3LhXhKs0
— Anvesh Anve (@anve_anvesh) November 22, 2024