Watch : බුම්රාට එරෙහිව වසර 4 කට පසු ගහපු හයේ පහර හා Sam Konstas ගේ සුපිරි ඉනිම මෙන්ම

වසර 4කට පසු ජස්ප්‍රිට් බුම්රාට එරෙහිව ටෙස්ට් ක්‍රිකට් පිටියේදී හයේ පහරක් එල්ල කිරීමට පිතිකරුවෙකුට අද(26) හැකි වුණා.
ඒ, ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අතර මෙල්බර්න්හීදී ආරම්භ වූ සිව්වැනි ටෙස්ට් තරගයේදීයි.
තරගයේ පළමු දිනය වූ අද දිනයේදී කාසියේ වාසිය දිනා ගත් ඔස්ට්‍රේලියාව පළමුව පන්දුවට පහරදීමටයි තීරණය කළේ. ඔස්ට්‍රේලියාව වෙනුවෙන් මෙම තරගයේදී ටෙස්ට් වරම් දිනා ගැනීමට 19 හැවිරිදි Sam Konstas සමත් වීම විශේෂත්වයක්.
ඔහු උස්මාන් කවාජා සමග එක්ව පළමු කඩුල්ලට ලකුණු 89 ක සම්බන්ධතාවයක් ගොඩ නැගූ අතර, Konstas ලකුණු 60 (65) ක් රැස් කළා.
ඉනිමේ 7 වැනි පන්දුවාරයේදී බුම්රාට එරෙහිව Konstas ලකුණු 14 ක් වාර්තා කිරීමට සමත් වුණේ හතරේ පහර 2ක් හා හයේ පහරක් සමගින්.
එම පන්දුවාරයේ පළමු පන්දුවට scoop පහරකින් හතරේ පහරක් වාර්තා කළ ඔහු දෙවැනි පන්දුවට reverse scoop පහරක් එල්ල කරමින් හයේ පහරක් එල්ල කළා. පස්වැනි පන්දුවට ද යළි reverse scoop පහරක් එල්ල කළ Konstas එම පන්දුවට ලබා ගත් ලකුණු සංඛ්‍යාව 4 ක්.
2021 ජනවාරි මාසයේදී සිඩ්නිහීදී පැවැති ටෙස්ට් තරගයේදී ඔස්ට්‍රේලියාවේ කැමරන් ග්‍රීන් එල්ල කළ හයේ පහරින් පසුවයි පිතිකරුවෙකු මෙලෙස බුම්රාට එරෙහිව ටෙස්ට් තරගයකදී හයේ පහරක් එල්ල කළේ.
ඉනිමේ 11 වැනි පන්දුවාරයේදී ද Konstas විසින් බුම්රාට එරෙහිව ලකුණු 18 ක් වාර්තා කිරීම කැපී පෙනුණා. එම පන්දුවාරයේදී ද ඔහු විසින් බුම්රාට එරෙහිව හයේ පහරක් එල්ල කළා.
7 වැනි පන්දුවාරයේ දර්ශන හා Konstas ගේ ඉනිමේ දර්ශන කිහිපයක් පහතින් –
WHAT IS GOING ON?!
Konstas ramps Bumrah for four…
And next ball ramps Bumrah for SIX!#AUSvIND pic.twitter.com/crhuNOMVLc
— 7Cricket (@7Cricket) December 26, 2024
A debut Test innings that'll live long in the memory.
Enjoy the highlights from Sam Konstas' 60 on Boxing Day #AUSvIND pic.twitter.com/1ZD35GuV65
— 7Cricket (@7Cricket) December 26, 2024