Watch : පාන්ට්ගේ හයේ පහරින් පසු පන්දුව සොයන්න ඉනිමගක් ගෙන ඒමට සිදු වූ හැටි

ඉන්දු-ඔස්ට්‍රේලියා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයේදී රිෂාබ් පාන්ට් එල්ල කළ හයේ පහරකින් පසු පන්දුව සොයා ගැනීම සදහා ක්‍රීඩාංගන සේවකයින්ට ඉනිමගක් ගෙන ඒමට සිදු වූ අපූර්ව සිදු වීමක් අද(3) දිනයේදී බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත්තා.
සිඩ්නිහීදී ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාව පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර, ඔවුන්ට සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 185 ක් පමණයි.
රිෂාබ් පාන්ට් ලකුණු 40 ක් රැස් කරමින් ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ හයේ පහරක් හා හතරේ පහර 3 ක් ද සිය ඉනිමට ඇතුළත් කර ගනිමින්.
ඔහු එල්ල කළ හයේ පහරින් පසුව පන්දුව සෙවීම සදහා ගත් උත්සාහය බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත්තේ ඒ සදහා ඉනිමගක් ද රැගෙන ඒමට සිදු වීම හේතුවෙන්.
දර්ශන පහතින් –
A six so big the ground staff needed a ladder to retrieve it!#AUSvIND pic.twitter.com/oLUSw196l3
— cricket.com.au (@cricketcomau) January 3, 2025