Watch : පාදයේ පිහිටෙන් Mack රැක ගත් කාගේත් අවධානය දිනූ උඩ පන්දුව

2024 කාන්තා බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියේ 20 වැනි තරගයේ දී බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් උඩ පන්දුවක් රැක ගැනීමට ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් කණ්ඩායමේ Katie Mack සමත් වුණා.
බ්‍රිස්බේන්හීදී බ්‍රිස්බේන් හීට් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී Charli Knott දවා ගැනීම සදහායි ඇයි මෙම උඩ පන්දුව රැක ගත්තේ.
බ්‍රිස්බේන් හීට් ඉනිමේ 17 වැනි පන්දුවාරයේදී Knott දැවී යන විට ඇය ලබා සිටියේ ලකුණු 7 ක් පමණයි.
Knott ලබා දුන් උඩ පන්දුවක් Katie Mack අතට ඇදී ගිය අතර, එහිදී ඇයට පළමු අවස්ථාවේදී එය සුරැකිව රැක ගැනීමට හැකි වූයේ නැහැ. කෙසේ වෙතත්, ඇයගේ පාදවල වැදුණු පන්දුව බිම පතිත වීමට පෙර යළි උඩ පන්දුවක් ලෙසම රැක ගැනීමට ඇයට අවස්ථාව උදා වීම විශේෂත්වයක්.
දර්ශන පහතින් –
HOW did she do that?! 😂
After a juggle, Katie Mack somehow took this catch! #WBBL10 pic.twitter.com/ygpcn5DrCU
— Weber Women’s Big Bash League (@WBBL) November 9, 2024