Ultimate magazine theme for WordPress.

Watch : ප්‍රේක්ෂකයෙකු රැක ගත් වසරේ උඩ පන්දුව මෙන්න

දකුණු අප්‍රිකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැති පළමු පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගය නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයෙකු විසින් අති විශිෂ්ඨ අන්දමින් තනි අතින් උඩ පන්දුවක් රැක ගැනීමට සමත් වීම ලොව පුරා බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට අද සමත් වුණා.

ඩර්වින්හි පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 178 ක් ලබා ගත්තා.

දකුණු අප්‍රිකාව කඩුලු 9ක් දැවී පන්දුවාර 20 තුළ ලබා ගත්තේ ලකුණු 161 ක් පමණයි.

ඔස්ට්‍රේලියා ඉනිම අතරතුරදී ටිම් ඩේවිඩ් එල්ල කළ හයේ පහරක් මෙලෙස උඩ පන්දුවක් ලෙස ප්‍රේක්ෂකාගාරයේ සිට තරගය නැරඹීමට පැමිණි පුද්ගලයෙකු විසින් රැක ගනු ලැබුවා.