Watch : පළමු පන්දුවාර දෙකේදීම වනිදු දවා ගත් කඩුලු දෙක

ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද(20) දහවල් 2:30 ට මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා.
තරගයේ කාසියේ වාසිය දිනූ කොදෙව්වන් පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ.
මෙම තරගයේ දී නිශාන් මදුෂ්ක එක්දින වරම් හිමි කර ගත්තේ පැතුම් නිස්සංකට ආබාධයක් හේතුවෙන් පළමු තරගය අහිමි වීම හේතුවෙන්.
කොදෙව් ඉනිමේ පළමු කඩුලු දෙකම දවා ගත්තේ වනිදු හසරංග විසිනුයි. මෙම තරගයේ දී හසරංග යොමු කළ පළමු පන්දුවෙන්ම බ්‍රෙන්ඩන් කිංග් ලකුණු 14 කට දැවී ගියා.
අනතුරුව හසරංග යොමු කළ දෙවැනි පන්දුවාරයේ දී Alick Athanaze දැවී ගියේ ලකුණු 10 ක් ලබා සිටියදීයි.
එම කඩුලු දෙකේ දර්ශන පහතින් නරඹන්න –
— cric sl (@cricslvideo) October 20, 2024