Ultimate magazine theme for WordPress.

Watch : පන්දු රකින්නන් දෙදෙනෙකුට උඩ පන්දුවක් රැක ගන්න ගිහිං වෙච්ච අකරතැබ්බය

බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියේ 3 වැනි තරගයේදී බොහෝ දෙනෙකුගේ සිනහවට ලක් වූ අපූරු සිදු වීමක් දැක ගත හැකි වුණා.

මෙම තරගය සිඩ්නි තන්ඩර් හා හෝබාර්ට් හරිකේන්ස් අතර පැවැත්වුණේ හෝබාර්ට්හීදීයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් සිඩ්නි පිල කඩුලු 6 ක් දැවී ලකුණු 180 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ හෝබාර්ට් පිල පන්දුවාර 19.5 ක් අවසානයේ කඩුලු 6 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

හරිකේන්ස් ඉනිම අතරවාරයේදී සිඩ්නි පන්දු රකින්නන්  දෙදෙනෙකුට දුර්වල සන්නිවේදනය නිසා උඩ පන්දුවක් නිසි පරිදි රැක ගැනීමට නොහැකි වුණේ බොහෝ දෙනෙකුගේ දැඩි අවධානයක් එම සිදු වීම වෙත හිමි කර දෙමින්.