Watch : පන්දුවක් හිසේ වැදීමෙන් පල්ලියගුරුගේ පාකිස්තාන- UAE තරගයේදී මුහුණ දුන් අනතුර

පාකිස්තානය හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැති 10 වැනි තරගයේදී පිටියේ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කළ ශ්‍රී ලංකාවේ රුචිර පල්ලියගුරුගේ අනතුරකට මුහුණ දුන්නා.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය කඩුලු 9 ක් දැවී ලකුණු 146 ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස එක්සත් අරාබිය පන්දුවාර 17.4 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 105 ක් පමණයි.
මෙම ජයත් සමග තරගාවලියේ සුපිරි 4 වටයට සුදුසුකම් ලබා ගැනීමට ද පාකිස්තානය සමත් වුණා.
එක්සත් අරාබි ඉනිමේ 6 වැනි පන්දුවාරයේදී පාකිස්තාන පන්දු රකින්නෙකු විසින් පන්දු යවන්නා වෙත යොමු කළ පන්දුවක් රුචිර පල්ලියගුරුගේගේ හිසේ වැදීමෙනුයි ඔහු මෙම තරගයේදී අනතුරකට මුහුණ දුන්නේ.
අනතුරුව ඔහුට මූලික වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන් අතර, පසුව ඔහු පිටියෙන් ඉවතට රැගෙන යාමටයි කටයුතු කෙරුණේ.
This is really bad, plz someone do it again.pic.twitter.com/yOBM46qLeG
— Assadᡣ𐭩🇵🇸 (@Ijussdontcare) September 17, 2025