Ultimate magazine theme for WordPress.

Watch : නේසර් හමුවේ රූට් බින්දුවට දැවී ගිය හැටි

අළුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ සිව්වැනි තරගයේ පළමු දිනය අද මෙල්බර්න්හීදී නිමා වුණේ දිනය පුරාවට කඩුලු 20 ක් බිද වැටෙමින්.

පළමුව පන්දුවට පහරදුන් ඔස්ට්‍රේලියාව සියලු දෙනා දැවී ලකුණු 152 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තයට ලබා ගත හැකි වූයේ ලකුණු 110 ක් පමණයි.

දිනය නිමා වන විට ඔස්ට්‍රේලියාව සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු කිසිවක් නොදැවී ලකුණු 4 ක් ලබා සිටියා.

ඒ අනුව ඔවුන් මේ වන විට ලකුණු 46 ක් ඉදිරියෙන් පසුවනවා.

අද දිනයේදී එංගලන්ත සුපිරි පිතිකරු ජෝ රූට් ලකුණු බින්දුවකට දවා ගැනීමට මයිකල් නෙසර් සමත් වීම කැපී පෙනුණා.

දර්ශන පහතින් නරඹන්න –